Wednesday, September 28, 2011

ලන්ඩන් ලොකු හාමුදුරුවෝ දැරියකට අතවර කරලා

ලන්ඩන් ලොකු හාමුදුරුවෝ දැරියකට අතවර කරලා

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
මීට වසර 33කට පෙර (1970) දී බාල වයස්කාර දැරියකට සිදු කළා යැයි කියනු ලබන ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන හිමියන් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් හීත්රෝ ගුවන් තොටුපළේදී එහිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවුවද විහාරාධිපති හිමියන් මේ වන විට ෆෙල්ත්හැම් අධිකරණයෙන් ඇප මත නිදහස්ව ඇති අතර, සැප්තැම්බර් 23 දා මේ සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට නියමිතය.
දැනට 65 වැනි වියේ පසුවන විහාරාධිපති හිමියන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාව බලා යාමට සූදානමින් සිටියදීය.

ශ‍්‍රී ලාංකික තරුණියෙකගෙන් ලද පැමිණිල්ලක් මත එහිමියන් අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පැමිණිල්ලේ සඳහන් ආකාරයට මෙම තරුණිය කුඩා දරුවෙකුව සිටින අවධියේදී එනම්, 1977 -78 වසරවල සිව්වතාවක් හෝ ඊට වැඩි අවස්ථාවකදී හිමිනම විසින් ඇය නොමග යවා ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කොට ඇති බවයි.

හිමිනමට බාල අපචාර චෝදනාව ඇතුළුව තවත් චෝදනා 4 ක් එල්ලවී ඇතැයි පැවසේ.

No comments:

Post a Comment