Wednesday, September 28, 2011

දියණිය අනියම් සැමියාට විකුණූ මවට ඇප

දියණිය අනියම් සැමියාට විකුණූ මවට ඇප

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමට තම අනියම් සැමියාට මුදලට විකිණීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ මවක් රුපියල් 15,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේය.

මව විසින් සිය අනියම් සැමියාට ලිංගික අපයෝජනයට ලබාදී වයස අවුරුදු එකොළහක දැරියකි.

මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ මිනුවන්ගොඩ වෑගොව්වේ පදිංචි රන්කොත්පේඩිගේ චන්ද්‍රශීලි නමැත්තිය තැනැත්තියකි.

සිය දියණිය ලිංගික අපයෝජනය සඳහා ලබාදී ඇත්තේ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි එච්. තුතිපාල නොහොත් රශ්මිලගේ තාත්තා නමැති ලොන්ඩරි හිමියෙකුටය.
සිද්ධිය සම්බන්ධයෙන් එම්. තුතිපාල නමැති ලොන්ඩරි හිමියාට එරෙහිව නීතිපතිවරයා වෙනත් නඩුවක් පවරා තිබේ.

රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය පැමිණිල්ල මෙහෙය වූවාය.

විත්තිය වෙනුවෙන් නීතිඥ නිශේන්ද්‍ර ඒකනායක මහතා පෙනී සිටියේය.

No comments:

Post a Comment